රජයේ වියදම බිලියන 250කින් කපා හරියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

රජයේ වියදම බිලියන 250කින් කපා හරියි

රජයේ වියදම බිලියන 250කින් කපා හරියි

බිලියන 250 කින් (කෝටි 25,000කින්) පමණ රාජ්‍ය වියදම් අඩුකර ගැනීමට හැකි මාර්ග මහ භාණ්ඩාගාරය විසින් දැනටමත් හඳුනාගෙන තිබේ. 


දැනට මේ වසර(2022) ඉදිරිපත්ව ඇති රාජ්‍ය අයවැය වෙනුවට නව අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති අතර එම අයවැය මගින් මෙම වියදම් කප්පාදුව සිදුවීමට නියමිතව ඇත.

 

විශේෂයෙන් රජයේ ප්‍රාග්ධන වියදම් කප්පාදුවෙන් මෙම වියදම් අඩු කිරීමට මහා භාණ්ඩාගාරය අපේක්‍ෂා කරනු ලබයි. 

 

මේ අනුව විවිධ අංශවලින් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කිරීමට වෙන්කර තිබූ මුදල් ඉතිරි කරගෙන ඒවා ජනතාවට සහන ලබාදීමට යොදා ගැනීමට රජය සැලසුම් කර තිබේ.

 

අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාද සඳහන් කරන්නේ අන්තර්කාලීන අයවැයෙන් වියදම් කප්පාදුවට ප්‍රමුඛතාව ලබාදෙන බවයි. 

 

ඒ අතරම බදු ආදායම් වැඩිකර ගැනීමට අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍යයවරයා පැවසීය.

views

638 Views

Comments

arrow-up