වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන ගෙදර යවයි

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගනු ලැබ ඇතැයි වාර්තා වේ.
භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට අමතරව ආයතන ගණනාවක සභාපති ධූරයද තවත් ආයතන හතරක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ද දරමින් සිට තිබේ.
මහපොළ නෙට්වෙල්ත් සමාගම, සමුපකාර තොග වෙළද සංස්ථාව යන ආයතනවල සභාපති ධූරද ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල් මණ්ඩලය යන ආයතන වල අධ්‍යක්ෂක මණ්ඩලවල සාමාජිකත්වයද ලේකම්වරිය විසින් දරනු ලැබ ඇත.
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවස්ථා ගණනාවක දී මෙම ලේකම්වරිය ඉවත් කර වෙනත් ලේකම්වරයෙකු පත් කර දෙන මෙන් ඉල්ලා ඇති බව වාර්තා වී තිබේ.
අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නීල් බණ්ඩාර හපුහින්න මහතා පත්කර තිබේ.
1018 Views
Comments