බාලවයස්කාර දැරිය ඔන්ලයින් පෙම්වතා සමඟ දීග කාලා - පෙම්වතා රිමාන්ඩ්

ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීම සඳහා මව විසින් ලබාදුන් ජංගම දුරකථනයෙන් පෙම්වතෙකු සොයාගෙන එම පෙම්වතා සමඟ පවුල් ජීවිතයක් ගත කළ අවුරුදු 14 යි මාස 4ක් වයසැති දැරිය කල්පිටිය, තලවිල ප‍්‍රදේශයේ පිහිටි පෙම්වතාගේ නිවසේ සිටියදී සොයාගෙන තිබේ.
කටුනායක පොලිසිය විසින් මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් පසු දැරියගේ පෙම්වතා යැයි කියන තරුණයෙකු අධිකරණය හමුවට පසුගිය 24 වැනිදා ඉදිරිපත් කළේය.
බාලවයස්කාරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු 28 වනදින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් නිරෝෂිකා ලියනආරච්චි මෙනවිය නියෝග කළාය.
සැකකාර තරුණයා කටුනායක පොලිස් වසමේ පදිංචි 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවිය සමඟ ජංගම දුරකථනයෙන් හාදවී ඇවරිවත්ත ප‍්‍රදේශයේදී හමුවී ඇති බවත් සැකකරු දැරිය කල්පිටිය, තලවිල පිහිටි ඔහුගේ නිවසට රැගෙන ගොස් එම නිවසේ රඳවාගෙන පවුල් ජීවිතයක් ගතකර ඇති බවත් අධිකරණයේදී වාර්තාවිය.
කල්පිටිය, තලවිල පල්ලිය ආසන්න ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණි.
දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
19422 Views
Comments