විදෙස් කාන්තාවක් රවටා මෙරටට ගෙන්වාගෙන ගණිකා සේවයේ යෙදවූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

රැකියාවක් ලබා දෙන ලෙස රවටා උස්බෙකිස්තාන ජාතික කාන්තාවක් ලංකාවට ගෙන්වාගෙන ඇයව ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයින්ට අලෙවි කළ පුද්ගලයෙකු ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු විසින් අන්තර්ජාලය ඔස්සේ කිහිප වතාවක් එම කාන්තාව සම්බන්ධ කරගෙන ඇයගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා.
පසුව ඔහු ඇයට පවසා ඇත්තේ "ඔයා ලංකාවට එන්න. මම ඔයාට මෙහෙන් රස්සාවක් දෙන්නම්" යනුවෙනි.
සැකකරුගේ චාටු බසට රැවටුණු උස්බෙකිස්තාන කාන්තාව ගුවන් යානයක් වෙන්කරගෙන මෙරටට පැමිණ තිබුණා.
මෙරට තුළ ඇය දැන හැදින ගෙන සිට එකම පුද්ගලයා වූයේ ඇයට මෙරටට ආරාධනා කළ පුද්ගලයා පමණි.
ඇය අසරණ තත්ත්වයට පත්ව තිබුණි. සැකකරුගේ ඉල්ලීම් මත විවිධ පුද්ගලයින්ට විවිධ පුද්ගලයින්ට අලෙවි වීමට ඇයට සිදුවිය.
කෙසේ හෝ මේ පිළිබඳව සංක්‍රමනිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය කරුණු අනාවරණය කරගෙන ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කෙරුණි. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා.
පසුව අනාවරණය වූයේ අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික පුද්ගලයාගේ උස්බෙකිස්තාන ජාතික බිරිඳ ද මෙවැනිම වරදක් සඳහා මේ වන විට මෙරට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි.
2682 Views
Comments