දුම් නොබොන්නැයි උපදෙස් දුන් පි.එච්.අයිට පහර දීලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

දුම් නොබොන්නැයි උපදෙස් දුන් පි.එච්.අයිට පහර දීලා

දුම් නොබොන්නැයි උපදෙස් දුන් පි.එච්.අයිට පහර දීලා

 

පොල්පිතිගම නගරයේ හෝටලයක් තුළ ප්‍රසිද්ධියේ දුම්පානය කරමින් සිටියිදි එයට විරුද්ධ වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධා කරමින් පහර  දී මට තැත් කළ බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි.

 

සැකකාර  හමුදා  (20) හැවිරිදි යාපනය නවක්කුලි  ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් ඊයේ (21) පොල්පතිගම නගරයේ හෝටල් පරීක්ෂා  කරමින් සිටියදී සැකකර සෙබළා  එක් හෝටලයක සිට දුම්පානය කර ඇති  බවද පොලිසිය  සඳහන් කරයි

views

163 Views

Comments

arrow-up