පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ 07ක් සමග පුද්ගලයෙකු අලව්ව පොලිස් වසමේ මොරවලපිටිය ඉන්ධන පිරවුම්හල අසල බස් රථයක සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම ස්ථානයේ පැවති වාහන තදබදයක් හේතුවෙන් මාර්ගයේ සිටි පිරිසක් සහ බස් රථයක් තුළ වූ අවමංගල්‍ය කටයුත්තකට සහභාගි වීමට ගමන් කරමින් සිටි පිරිසක් අතර ආරවුලක් ඇති ව තිබේ.

 

එම අවස්ථාවේ ඉන්ධන පිරවුම්හල ආසල රාජකාරි කළ පොලිස් නිලධාරීන් විසින් එය සමථයකට පත් කර ඇති අතර පසුව අපරාධයක් සිදු කිරීමට සැලසුම් කිරීමේ සැකය මත මාර්ගයේ සහ බස් රථයේ සිටි පුද්ගලයන් 06 දෙනෙකු පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එලෙස අත්අඩංගුවට ගත් බස් රථයේ සිටි සැකකරුවකු සතුව මෙම පිස්තෝලය තිබී ඇත.

 

මේ සම්බන්ධයෙන් අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

460 Views

Comments

arrow-up