ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා රාජකාරි අරඹයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා රාජකාරි අරඹයි (PHOTOS)

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා රාජකාරි අරඹයි (PHOTOS)

ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති සංජීව්  ගුණසේකර මහතා පසුගිය 6 වැනිදා ටෝකියෝ හිදී සිය රාජකාරී ආරම්භ කළා.

 

 

ශ්‍රී ලංකාව සහ ජපානය අතර වසර 69 ක ද්විපාර්ශික සබඳතා තුල එතුමා ජපානයේ 17 වැනි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මෙලෙස රාජකාරි ඇරඹුවේ.

 

 

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ තානාපතිවරයා රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා ජපානයේ ශ්‍රී ලංකාව හා සම්බන්ධ සියලුම සංගම් වල ජේෂ්ඨ නිලධාරීන් එක්ව සිටියා.

 

 

රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව තානාපතීන් ගුණසේකර මහතා කියා සිටියේ සිය ධුර කාලය තුළ දී ඉටු කිරිම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් තමා වෙත පවරා ඇති ශක්තිමත් ආර්ථික සබඳතා පිළිබඳ ගවේෂණය කිරීම ප්‍රධාන වන බවයි.

 

 

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වන ගුණසේකර මහතා විස්කොන්සින්හි බෙලොයිට් විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය ලබා ඇති අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාරය පරිපාලනය ශාස්ත්‍රපති උපාධියක්ද ලබා තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

views

840 Views

Comments

arrow-up