ඩෙල්ටා ලොව වටා යයි - ඇමරිකානු සෞඛ්‍ය අංශ අනතුරු අගවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

ඩෙල්ටා ලොව වටා යයි - ඇමරිකානු සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

ඩෙල්ටා ලොව වටා යයි - ඇමරිකානු සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ලෝකයේ සියලු රටවල් වල ව්‍යාප්ත වෙමින් පවතින බව ඇමෙරිකානු සෞඛ්‍ය අංශ අංශය අනතුරු අඟවයි.

 

 

අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසන ආකාරයට මේ හේතුවෙන් අ‌මෙරිකාව තුළ යළිත් වරක් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවත් රට තුළ එන්නත්කරණය අඛණ්ඩව සිදු වුවත් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ ගොස් ඇතැයි ද වැඩිදුරටත් පවසයි.

 

 

පසුගිය සතියට සාපේක්ෂව අමෙරිකාව තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමද 76% කින් ඉහළ ගොස් තිබේ.

views

1014 Views

Comments

arrow-up