මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කල සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය 28 වනදා රාත්‍රීයේ මාවනැල්ල ඉඹුල ප්‍රදේයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
සැකකරු කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ප්‍රියන්ත සම්පත් කුමාර නැමැති පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ
ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවත් සැකකරු මීට පෙරද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබූ පිංකැට බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පත්වී ඇති අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
ඔහු විසින් සිදුකළ පාපෝච්චාරණයකට අනුව මෙම බුදු පිළිම වහන්සේ අසළ තිබී රුපියල් 60ක පමණ මුදලක් ඔහු ලබාගත් බවටත් වාර්තා වී තිබෙනවා
637 Views
Comments