කුඹුර රකින්න අනවසර විදුලි රැහැන් අදින්න ගිය පස්දරු පියා විදුලි රැහැනටම බිලි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

කුඹුර රකින්න අනවසර විදුලි රැහැන් අදින්න ගිය පස්දරු පියා විදුලි රැහැනටම බිලි

කුඹුර රකින්න අනවසර විදුලි රැහැන් අදින්න ගිය පස්දරු පියා විදුලි රැහැනටම බිලි

අනවසරයෙන් විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි.

 

පෙරේදා(16) රාත‍්‍රී 11ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මරණයට පත්වී තිබෙන්නේ මනම්පිටිය මහවැව, අංක 99/2 ඉඩමේ පදිංචිව සිටි බී. ඒ. බාලසූරිය නමැති පස්දරු පියෙකි.

 

සිය කුඹුරට එන වන අලින්ගෙන් ආරක්ෂා වීමට විදුලිය ලබා ගැනීම සඳහා යෑමේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක කරන අතර මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු මනම්පිටිය පොලිසිය සිදු කරයි.

views

681 Views

Comments

arrow-up