කොවිඩ් නීති රීති නොතකමින් ජනතාව එක් රැස් වූ නුවරඑළිය වසන්ත උදානය

මේ දිනවල පැතිර යන Covid-19 වෛරසය අවදානම නිසා විනෝද චාරිකා සහ ජනතාව එක්රැස් වන ක්‍රියාකාරකම් නොකරන ලෙස රජය දන්වා තිබියදීත් අද දිනයේ දී නුවරඑළිය ප්‍රදේශයට දේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් එක් රැස් වී සිටියා.
ඒ මේ දිනවල පැවැත්වෙන නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව පැවැත්වෙන උත්සව හේතුවෙනුයි.
මෙය සංවිධානය කර ඇත්තේ නුවරඑළිය මහ නගර සභා විසිනි. එමෙන්ම ග්‍රෙගරි වැව ආශ්‍රිතව ද විශාල දේශීය සංචාරකයින් පිරිසක් එක් රැස් වී සිටිනු දකින්නට ලැබුනා.
නුවරඑළිය නගර සීමාවේ පිහිටි සංචාරක නිවාඩු නිකේතන වලද විශාල වශයෙන් දේශීය සංචාරකයින් නවාතැන් ගෙන සිටිනු දක්නට ලැබුණා.
861 Views
Comments