රාවුල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමේ ඇමරිකානු සැලසුමක් හෙලිවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

රාවුල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමේ ඇමරිකානු සැලසුමක් හෙලිවේ

රාවුල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමේ ඇමරිකානු සැලසුමක් හෙලිවේ

වසර 60ක් තිස්සේ කියුබාව තිබූ කැස්ත්‍රෝ පාලනය අවසන් කරමින් ෆිදෙල් කැස්ත්‍රෝගේ සහෝදරයා වන රාවුල් කැස්ත්‍රෝ පසුගිය යොදා කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය. මේ සමගම ඔහුව ඝාතනය කිරීමට ඇමරිකානු CIA සංවිධානය කළ සැලසුමක් පිළිබඳව තොරතුරු හෙළි වී ඇත.

 

මේ සඳහා 1960 දශකයේ දී ඇමරිකාව විසින් රාවුල් කැස්ත්‍රෝගේ ගුවන් නියමු රාවුල් මාටිනස් නැමැත්තා යොදා ගැනීමට සැලසුම් කර තිබිණි.

 

රාවුල් කැස්ත්‍රෝ ගමන් කරන ගුවන් යානය අනතුරකට පත් කර ඔහුව ඝාතනය කිරීම මෙම ගුවන් නියමුවාට පැවරුණු රාජකාරිය විය. ඒ සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් 10,000ක් ද මෙහෙයුම අතරතුරදී ඔහු ජීවිතක්ෂයට පත් වුනොත් ඔහුගේ දරුවන් දෙදෙනාට විදේශ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබාදීමට ද ඇමරිකාවේ එකඟ වී ඇත.

 

වොෂින්ටන් ජාතික ආරක්ෂණ ලේඛන පර්යේෂණ ආයතනය වෙතින් ප්‍රකාශයට පත් කර ඇති මෙම තොරතුරු වලට අනුව කිසියම් හේතුවක් නිසා මෙම මෙහෙම අවලංගු කර ඇත.

 

කෙසේ වෙතත් රාවුල් ගේ සහෝදරයා වන ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීම සඳහා ඇමරිකාව විසින් උත්සාහයට 638 ක් දරා ඇති අතර එය ගිනස් ලෝක වාර්තාවක් ද වේ.

views

701 Views

Comments

arrow-up