තෙල් ඉවරයි - සවස 5 සිට කැලණිතිස්ස නවතී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

තෙල් ඉවරයි - සවස 5 සිට කැලණිතිස්ස නවතී

තෙල් ඉවරයි - සවස 5 සිට කැලණිතිස්ස නවතී

ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන අද පස්වරුව වන විට අවසන්වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලුම තාප විදුලි ජනන යන්ත්‍ර පස්වරු 5 සිට අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

 

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වුවද මේ වන තෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී නොමැත.

 

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වී යනු ඇත.

 

මේ හේතුවෙන් අද දින සිට රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසනවා.

 

 

views

1485 Views

Comments

arrow-up