රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ සමීප ආශ්‍රිතයින් පාර්ලිමේන්තුව තුළ නැහැ -වේත්‍රධාරී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ සමීප ආශ්‍රිතයින් පාර්ලිමේන්තුව තුළ නැහැ -වේත්‍රධාරී

රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගේ සමීප ආශ්‍රිතයින් පාර්ලිමේන්තුව තුළ නැහැ -වේත්‍රධාරී

කොරෝනා ආසාදනය වී සිටින රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා හා සමීපව ඇසුරු කළ ආශ්‍රිතයින් කිසිවෙක් පාර්ලිමේන්තුව තුළ නැති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම් දෙනවා.

 

පසුගිය 19 සහ 20 යන දිනවල පාර්ලිමේන්තුව අවසන් වරට රැස් වී ඇති අතර එම රැස්වීම්වලට හෝ ඉන් අනතුරුව අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට පැමිණ නැති බව පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

 

පාර්ලිමේන්තු පරීක්ෂණයෙහි කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් පසුගිය දින වලදී පරීක්ෂණ වැඩසටහන් පැවති අතර රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 15 වෙනදා PCR පරීක්ෂණ සඳහා යොමු වී තිබෙනවා.

 

එම පරීක්ෂණවල දී ඔහු ආසාදිතයකු ලෙස තහවුරු නොවූ බවයි වේත්‍රධාරීවරයා සඳහන් කරන්නේ.

 

 

views

618 Views

Comments

arrow-up