සතොසේ පරිගණක හිටි හැටියේම CID යට රැගෙන යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

සතොසේ පරිගණක හිටි හැටියේම CID යට රැගෙන යයි

සතොසේ පරිගණක හිටි හැටියේම CID යට රැගෙන යයි

සුදුලූනු වංචාවට අදාළව දත්ත වෙනස් කළ බව කියන ලංකා සතොස ආයතනයේ පරිගණක සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා සතොස ආයතනයට අයත් පරිගණක 07ක තොරතුරු සම්බන්ධයෙන් මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (11) පැවසීය.

 

කොළඹ වොක්ෂෝල් විදීයේ පිහිටි ලංකා සතොස මූලස්ථානයේ තිබූ පරිගණක හතරක් සහ වැලිසර ලංකා සතොස ආයතනයේ තිබූ පරිගණක තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් 06 වැනිදාය.

 

සිද්ධියට අදාළ සුදුලූණු ටෙන්ඩරයට ලංසු කැඳවූ අවස්ථාවේදී ඊට අදාළව අයදුම්පත් යොමු කළ අයවලුන් පිළිබදව මෙන්ම සියළු ඊමේල් ගනුදෙනු, ප්‍රසම්පාදන කටයුතු, තත්ත්ව පරීක්ෂණ වාර්තා, එම වාර්තා අනුව කරනු ලබන නිර්දේශ සහ නිගමන යන මේවා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

 

සැකකරුවන් මෙම තොරතුරුවට අදාළ දත්ත විනාශ කර හෝ මකා දමා ඇද්ද? එසේ නම් එම කාල වකවානු මොනවාද යන්න සම්බන්ධයෙන් මෙම පරික්ෂණය සිදුකෙරෙනු ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

views

709 Views

Comments

arrow-up