කෝටි 4 ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

කෝටි 4 ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 4 ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 40කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම ඉලු‍ප්පුකඩවායි ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද(10) අලු‍යම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 725ක් සොයා ගෙන ඇති අතර මත්ස්‍යයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන ලොරි රථයක සූක්ෂ්ම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබි ඇත. 

 

උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නිලධාරින් සමඟ මන්නාරම පොලීසිය එක් ව මෙම මෙහෙයුම සිදුකර ඇත.

 

එහි දී අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. 

views

773 Views

Comments

arrow-up