සතොසට ආ ජනතාව හූල්ලති - හාල්, පරිප්පු, කඩල, මුංඇට, ලූණු කිසිවක් නෑ

බුලත්සිංහල සතොස වෙළෙඳසැලේ සහල් වර්ග කඩල, පරිප්පු, මුංඇට, කවුපි කිසිවක්ම නැත. ඇත්තේ කොත්තමල්ලි පමණකි.
කරවල, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩද නැත. රටලූනු, රතුලූනු නැත.
සතොසේ තිබෙන්නේ ඉදල්, කොහු, සබන් වර්ග පමණකි. සතොසට පැමිණෙන ජනතාව හූල්ලමින් ආපසු යති.
මෙහි ලොකු ලූණූ කුණුවී හාල්මැස්සන් දිරාපත් වී පාරිභෝජනයට සුදුසු තත්ත්වයේ නැත. ඇත්තේ කුණු වූ රටලූනු සහ කුණු වූ හාල්මැස්සන් පමණකි.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ප්‍රදේශයේ වෙළෙඳසැල් වටලද්දී සතොස කුණු වූ හාල්මැස්සන් හා රටලූනු වටලන්නෙ නැත්තේ මන්දැයි පාරිභෝගික ජනතාව අසති.
675 Views
Comments