එන්නත නොදුන්නොත් දුම්රියත් වර්ජනයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

එන්නත නොදුන්නොත් දුම්රියත් වර්ජනයේ

එන්නත නොදුන්නොත් දුම්රියත් වර්ජනයේ

දුම්රිය ධාවනයට සම්බන්ධ වන සේවකයින්ට කොවිඩ් එන්නත ලබා නොදුන්නොත් එළඹෙන සදුදා සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

 

දුම්රිය රියදුරු, රියදුරු සහයක, ස්ථානාධිපති, නියාමක, ආරක්ෂක අංශ සහ ප්‍රවේශපත් පරීක්ෂක යන තනතුරු වල සේවය කරන පුද්ගලයන්ට කඩිනමින් එන්නත ලබාදිය යුතු බව ඔවුන් සඳහන් කරයි.

 

සංචරණය සීමා පනවා ඇති නිසා මේ වන විට කිසිදු දුම්රියක් ධාවනය නොවේ. දුම්රිය ධාවනය නැවත එළඹෙන සඳුදා ආරම්භ වීමට නියමිතව තිබුණත් සේවකයින් එන්නත්කරණය නොකළහොත් සංචරණ සීමා ඉවත් කලද දුම්රිය ධාවනය නොකරන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

 

 

 

 

 

 

 

 

source: hirunews

views

509 Views

Comments

arrow-up