AUG
20
ලක්ෂ 18ක හොර සිගරට් දෙහිවලින් අල්ලයි

තීරුබදු රහිතව නීතිවිරෝධී ආකාරයට මෙරටට ආනයනය කල රුපියල් ලක්ෂ 18ක් ඔහු වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු දෙහිවල ඩඩ්ලි සේනානායක මාවතේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරු සතුව තිබී දුම්වැටි 54000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගුවන් හමුදාවෙන් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර සැකකරු සමඟ දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
739 Views
Comments