නිවසේ පිළිකන්නට කැඳවා අවු. 15, 12 අක්කා නගෝ දූෂණය කළ අමනයෝ අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

නිවසේ පිළිකන්නට කැඳවා අවු. 15, 12 අක්කා නගෝ දූෂණය කළ අමනයෝ අත්අඩංගුවට

නිවසේ පිළිකන්නට කැඳවා අවු. 15, 12 අක්කා නගෝ දූෂණය කළ අමනයෝ අත්අඩංගුවට

පෝද්දල පොලිසිය විසින් බාලවයස්කාර වියේ පසුවන අක්කා නගෝවරු දෙදෙනෙකු අපයෝජනයට ලක්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අපයෝජනයට ලක්ව ඇති නැගෙණියගේ වයස අවුරුදු 12ක් හා මාස 06ක් වන අතර අක්කාගේ වයස අවුරුදු 12 මාස 06ක් වේ.

 

මෙම අක්කා නගෝවරුන් දෙදෙනා සැකකරුවන් දෙදෙනා විසින් දැරියන්ගේ නිවසේ පිටුපසට රැගෙන ගොස් දූෂණය කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක් හා 21 වන සැකකරුවන් දෙදෙනෙකි. 

 

මෙම සහෝදරියන් දෙදෙනා සැකකාර තරුණයින් සමඟ පේ‍්‍රම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරික්‍ෂණ වලදී අනාවරණය වී ඇත. 

 

ඊයේ(19) අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

පෝද්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. සංජීව, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ක.පො.ප. ලසන්ති, පො.ප. ගයාන්, පො. සැ. 59079 ගමගේ, පො. සැ. 34529 රත්නායක, පො. කො. 76206 කුමාර යන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

1498 Views

Comments

arrow-up