නිරෝධායන මධ්‍යස්ථානයට යැවූ අයෙක් අත්අඩංගුවට ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
13

නිරෝධායන මධ්‍යස්ථානයට යැවූ අයෙක් අත්අඩංගුවට ගැනේ

නිරෝධායන මධ්‍යස්ථානයට යැවූ අයෙක් අත්අඩංගුවට ගැනේ

මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු ඊයේ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ එල්ටීටීඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මතයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම සැකකරු 2019 වසරේ දී කටාර් රාජ්‍යට පලා ගොස් තිබුණි. පසුව මෙලෙස පළා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය මගින් ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදනයක්ද නිකුත් කෙරුණි.

 

එම නිල් නිවේදනයට අනුව කටාර් පොලීසිය විසින්  සැකකරුව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර  ඔහුගේ දින 14ක නිරෝධායන කාලය අවසන් වූ පසු  ඊයෙ ඔහුව අත්අඩංගුට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

views

450 Views

Comments

arrow-up