15 හැවිරිදි දැරිය අපයෝජනය - උප සභාපති ඇතුළු කිහිපදෙනෙකුට ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

15 හැවිරිදි දැරිය අපයෝජනය - උප සභාපති ඇතුළු කිහිපදෙනෙකුට ඇප

15 හැවිරිදි දැරිය අපයෝජනය - උප සභාපති ඇතුළු කිහිපදෙනෙකුට ඇප

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන 15 හැවිරිදි දැරියක් දූෂණය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සහ මැණික් ව්‍යාපාරිකයින් ඇතුලු තවත් කිහිප දෙදෙනෙකු දැඩි  ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

 කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සැකකරුවන්ගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබා ගැනීම යුක්ති සහගත නොවන බව පැවසූවාය. 

 

ඒ අනුව එක් එක් සැකකරුවෙකුට රු 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පරීක්ෂණවලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසට සැකකරුවන්ට දැඩිලෙස අවවාද කළාය.

 

නැවත වරක් එවැනි ක්‍රියාවක නිරත වූ බවට පැමිණිල්ලක් ලැබුණොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට සැකකරුවන්ට අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය සෑම ඉරු දිනකම පෙරවරු 9-12 අතර ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් නියෝග කළාය.

 

එම සැකකරුවන්ට අදාළ නඩුව නැවත අගෝස්තු මස 19 වනදා කැඳවන බව ද අධිකරණය නියම කළේය.

views

889 Views

Comments

arrow-up