බාල වයස්කාර දැරිය මිලටගත් දේශපාලනඥයා ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන බව ඔහුගේ නීතිඥයා කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

බාල වයස්කාර දැරිය මිලටගත් දේශපාලනඥයා ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන බව ඔහුගේ නීතිඥයා කියයි

බාල වයස්කාර දැරිය මිලටගත් දේශපාලනඥයා ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන බව ඔහුගේ නීතිඥයා කියයි

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම හා ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි පළාත් පාලන ආයතනයක උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන සැකකරුවකු ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ(01) පස්වරුවේ නියෝග කළාය.


 
 එම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා එදින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. 

 

 සැකකාර උප සභාපති දේශපාලන කටයුතු සඳහා කොළඹට පැමිණෙන අවස්ථාවලදී හෝටල්වල නවාතැන් ගන්නා බව පැවසූ මුත් ඔහුට එරෙහිව නගන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ලිංගික බෙලහීනතාවකින් පෙළෙන ඔහු ඒ සඳහා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබන බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටෙරි ප‍්‍රනාන්දු මහතා අධිකරණයට පැවසුවේය.


 
 ඔහු එම රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර ලබන බවට සනාථ කළ හැකි වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට සූදානම් බවද එහිදී අධිකරණයට පැවසූ නීතිඥවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුව අද(02) දිනයේ පවත්වන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

පැමිණිල්ල නගන චෝදනාව සනාථ කිරීමට අවශ්‍ය කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් කොට නොමැති බැවින් එම චෝදනාවේ කිසිදු නෛතික වලංගුභාවයක් නොමැත්තේ යැයි ද නීතිඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසූ විට දෙදෙනකු අතර කාමරයක් තුළදී සිදුවූ යම් හැසිරීමක් සම්බන්ධයෙන් ප‍්‍රවර්ධන සාක්‍ෂියක් ඉදිරිපත් කළ හැක්කේ දැයි අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටියාය.

views

1011 Views

Comments

arrow-up