ඊෂි කෑෂ් ක්‍රමයට කාන්තාවන් අලෙවිකල වැලිකඩ සුපිරි ගණිකා නිවාසය හත්වැනි වරටත් වටලයි

කුලී පදනම මත ලබාගත් තෙමහල් නිවසක පවත්වා ගෙන ගිය සුපිරි ගණිකා නිවසක් වටලා කාන්තාවන් තිදෙනකු හා එහි කළමනාකරු ලෙස කටයුතු කළ අයකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසිය සමත්ව තිබේ.
වැලිකඩ පොලිස් ස්ථානයට ආසන්නව වැලිකඩ ඉන්ධන පිරවුලහල ඉදිරිපිට රුපියල් ලක්ෂ 3ක කුලී පදනමක් මත ලබාගත් නිවසක මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇත.
පසුගිය කොවිඩ් සංචරණ සීමා කාලය තුළ අවස්ථාවන් හයකදී මෙම ස්ථානය වටලා කාන්තාවන් 18 දෙනකු අත්අඩංගුවට පත්වූ බවත් 7 වැනි වරටත් සිදුකළ වැටලීමේදී කාන්තාවන් තිදෙනකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගැනීමටත් හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
මෙවර අත්අඩංගුවටගත් කාන්තාවන් කැකිරාව, සූරියවැව, වැල්ලම්පිටිය, යන ප‍්‍රදේශවල පදිංචිකාරියන් බවට හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
ූ අන්තර්ජාලය හරහා නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ගැනුම්කරුවන් වෙත ලබා දෙන ඡායාරූපවලට ලැබෙන ඉල්ලූම අනුව මිල ගණන් ඉදිරිපත්කර එම වටිනාකම ඊෂි කැෂ් ක්‍රමයට ලබා ගැනීමෙන් පසු පැමිණිය යුතු දිනය හා වේලාව ඉල්ලූම්කරුට ලබාදෙන බුකින් ක්‍රමවේදයකට මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත.
රු. 1500 සිට රු. 5000 දක්වා මිල ගණන්වලට මෙම කාන්තාවන් ලබාදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
වැලිකඩ පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකොට තිබේ.
1236 Views
Comments