සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම කොවිඩ් මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපළ විවෘත කරනවා - ප්‍රසන්න රණතුංග
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම කොවිඩ් මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපළ විවෘත කරනවා - ප්‍රසන්න රණතුංග

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම කොවිඩ්  මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපළ විවෘත කරනවා -  ප්‍රසන්න රණතුංග

විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ පළි විවෘත කිරීම සදහා කොවිඩ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 

මේ සම්බන්ධව අද පස්වරුවේ ( 03 ) සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද රණතුංග මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මේබව පැවසුවේ සංචාරකයන් සදහා ගුවන් තොටුපළ කඩිනමින් විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබද ඊයේ (02) පැවති සංචාරක අමාත්‍ය උපදේශක කාරක සභාවේදී චන්දිම වීරක්කොඩි ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

 

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80ක් මේවන විට හදුනාගෙන තිබෙන බව සංචාරක සේවා අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

 

කෝවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව සංචාරක සේවා සැපයිය හැකි හෝටල් සහ සංචාරක කර්මාන්තයට අයත් ආයතවලට මේ සදහා ලියාපදිංචි විය හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් සමග එම සේවා ආයතනයන්හි තත්ත්වය පරීක්ෂා කර බලා ඒවා අනුමත කළ හැකි බවත් සභාපතිනිය පැවසුවාය.

 

ෆයිසර් සමාගම විසින් නිපදවන ලද කෝවිඩ් එන්නත අනුමත කරන ලද පළමු රට ලෙස එක්සත් රාජධානිය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක යුරෝපය තුළද මෙම එන්නත ප්‍රචලිත වී සංචාරකයන්ගේ ප්‍රවර්ධනයක් ඇති වුවහොත් ගුවන් තොටුපල කඩිනමින් විවෘත කිරීමට සිදුවිය හැකි බවද අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.

 

තවද මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම යෙදුමක් ( Mobile App) නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය පවසා සිටියාය.

 

 

 

views

718 Views

Comments

arrow-up