නොදිරන ලන්ච්ෂීට් අද සිට තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

නොදිරන ලන්ච්ෂීට් අද සිට තහනම්

නොදිරන ලන්ච්ෂීට් අද සිට තහනම්

පරිසර අමාත්‍යාංශය සදහන් කළේ අද (අගෝස්තු 1) සිට පොලිතීන්වලින් නිෂ්පාදනය කරන නොදිරන ලන්ච්ෂීට් නිෂ්පාදනය හා බෙදාහැරීම තහනම් වන අතර ජෛව හායනික ලන්ච්ෂීට් පමණක් සියලුම වෙළදසැල්වල අලෙවි කළ හැකි බවයි.

 

 


දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච්ෂීට් පමණක් අලෙවිය සදහා මාසයක සහන කාලයක් ලබා දී ඇති අතර එම කාලය තුළදී නොදිරන ලන්ච්ෂීට් තවදුරටත් නිපදවන්නේදැයි සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

 

 


අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ දී ඇති නියෝග නොසලකා හරිමින් යම් අයෙක් කටයුතු කරයි නම් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි

views

904 Views

Comments

arrow-up