පෙම්වතිය බලන්න යතුරුපැදියෙන් යමින් සිටි කොස්තාපල් රිය අනතුරින් මරුට

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු මොරගහහේන, බෙරුකැටිය ප්‍රදේශයේදී ටිපර් රථයකට යටවී මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් තිබෙන්නේ පානම දකූණ චානක ලක්ෂාණ් අබේසේකර නමැති 28 හැවිරිදි තරුණයෙකි.
මහරගම සිට මොරගහහෙන දෙසට තම යතුරුපැදියෙන් ගමන් ගත් කොස්තාපල්වරයාගේ යතුරු පැදිය බෙරුකැටිය ප්‍රදේශයේදී එකවරම මාර්ගය මැද නතර වී ඇති අතර ඉදිරියෙන් පැමිණි ටිපර් රථය යතුරුපැදියේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදු වූ වහා කොස්තාපල්වරයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී පැය කීපයකට පසු මියගොස් තිබූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
අනතුර සිදුවන අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා ඇල්පිටිය ප්‍රදේශයේ තම පෙම්වතියගේ නිවසට යමින් සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය පවසයි.
259 Views
Comments