පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයින් ගැන පරීක්ෂණ වෙන්නේ මෙහමයි

මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබද පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන්ගේ විමර්ශණ සම්බන්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මේ බව කියා සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයට කිසිදු සම්බන්ධයක් නැතිවුවද රටේ කීර්තිනාමය වෙනුවෙන් මේ පිළිබද විශේෂ විමර්ශණයක් මගින් සමබර පරීක්ෂණයක් පවත්වන බවයි ජී එල් පීරිස් එහිදී අවධාරණය කලේ.
969 Views
Comments