X - Press Pearl ගින්නෙන් වෙරළට සිදු වූ හානි නිරීක්ෂණයට අගමැති යයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට කඩිනමින් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අද පෙරවරුවේ නෞකාවේ ගින්න හේතුවෙන් විනාශ වූ උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණය චාරිකාවකට එක්වෙමිනුයි.
සමුද්‍රිය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්නා ලෙස එහිදී අග්‍රාමාත්‍යවරයා සමුද්‍රිය පරිසර ආරක්ෂක අධිකාරියේ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා. එමෙන්ම මෙවැනි හදිසි ආපදා වලදී මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට වහාම කටයුතු කරන ලෙස ද අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ගිනිගත් නෞකාවෙන් බලපෑමට ලක් වූ මුහුදු තීරයේ දෛනික ධීවර කටයුතු නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ධීවරයන් වෙනුවෙන් සැලැස්මකට අනුව සහන සැලසීමේ අවශ්‍යතාවයද අග්‍රාමාත්‍යවරයා ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාට පෙන්වා දී තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍යවරයා අදාල නෞකා ගින්නෙන් මුහුදු කලාපය දූෂණය වීම වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත් නාවික හමුදාව ඇතුළු සියලු දෙනාට සිය විශේෂ ස්තුතිය පළ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, කංචන විජේසේකර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන්ද සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර යන මහත්ම මහත්මීන්ද එක්වී සිටියා.
985 Views
Comments