IMF ණය ලැබීමේ වාසි ගැන ජනපති පාර්ලිමේන්තුවේදී පහදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

IMF ණය ලැබීමේ වාසි ගැන ජනපති පාර්ලිමේන්තුවේදී පහදයි

IMF ණය ලැබීමේ වාසි ගැන ජනපති පාර්ලිමේන්තුවේදී පහදයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් පහසුකම ලැබීම තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමේ සහ රට නගා සිටුවීමේ පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

 

 

අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ වසර 4 ක් පුරාවට ක්‍රියාත්මක මෙම ණය පහසුකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් වන බවත් පළමු වාරිකය ඩොලර් මිලියන 333 ක් වශයෙන් ලැබෙන බවත්ය.

 

 

ශ්‍රී ලංකාව දැන් නව ගමනක් ආරම්භ කර ඇති අතර මෙම ක්‍රියාවලිය පුරාවට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට සිදු වනු ඇති බව සහ 2022 අතුරු අයවැය හා 2023 සඳහා වන අයවැයෙන් මේ වනවිටත් ඇතැම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කොට ඇත.

views

245 Views

Comments

arrow-up