වී ගොවින් ප්‍රතික්ෂේප කළ කාබනික පොහොර තේ හා එළවලු ගොවීන්ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

වී ගොවින් ප්‍රතික්ෂේප කළ කාබනික පොහොර තේ හා එළවලු ගොවීන්ට

වී ගොවින් ප්‍රතික්ෂේප කළ කාබනික පොහොර තේ හා එළවලු  ගොවීන්ට

කාබනික හා කොම්පෝස්ට් පොහොර වී ගොවීන්ට අවශ්‍ය නැත්නම් ඒ සඳහා ලබා දුන් විශාල සහනාධාර මුදල තේ හා එළවළු වගාවන්ට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරන ගොවි සංවිධාන නියෝජිතයින් පවසා ඇත්තේ පසුගිය කාලය තුළ කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට දුන්නේ වැව් වලින් කපා ගත් පස් හා දහයියා බැවින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බවයි.

 

එමෙන්ම ඇතැම් සමාගම් විසින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර සැපයීම නිසා කාබනික පොහොර  පිළිබඳව  ගොවි ජනතාවගේ විශ්වාසය බිඳී ඇති බව කාබනික පොහොර සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කරන  ලද ජනාධිපති  කමිටුවේ නිර්දේශය වී ඇත. එසේම මෙරට ගොවීන්ට සපයන ලද ඇතැම් කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද නිර්දේශයන් ලබා දී නැත.

 

එම නිසා තවදුරටත් තමන්ට මෙම  ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර හා ඇතැම් කාබනික පොහොර ද අවශ්‍ය නොවන බව ගොවි නියෝජිතයින් පෙන්වා දී තිබේ.

 

2022/2023 මහ කන්නයේදී කාබනික  පොහොර සහනාධාරය සඳහා රජය රුපියල් මිලියන 16,000 ක්  වෙන්කර ඇත. ඒ යටතේ කුඹුරු හෙක්ටයාර් 01 ට රුපියල් 20,000 ක සහනාධාරයක් ලබාදී තිබේ. මේ සඳහා මෙවර මහ කන්නයේ මෙතෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 10 ,000 කි.

 

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාබනික පොහොර සඳහා රජය ගොවි ජනතාවට ලබා ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු වගාව සංවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. මෙම තීරණය අනුව 2023 මහ කන්නයේ  සිට එම සහනය තේ හා එළවළු වගාව සඳහා යෙදවීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා  නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

 

views

237 Views

Comments

arrow-up