හල්දුම්මුල්ල රක්ෂිතයක ගින්නකින් ශාක විශාල ප්‍රමාණයක් විනාශවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

හල්දුම්මුල්ල රක්ෂිතයක ගින්නකින් ශාක විශාල ප්‍රමාණයක් විනාශවෙයි

හල්දුම්මුල්ල රක්ෂිතයක ගින්නකින් ශාක විශාල ප්‍රමාණයක් විනාශවෙයි

හල්දුම්මුල්ල වෑඑළිය වල්මීතලාව රක්ෂිත කැලෑ ප්‍රදේශයේ හටගත් විශාල ගින්නක් මේ වන විට වේගයෙන් පැතිරයමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

 

සුළං සමඟ ඉතා ඉහලට ගිනිදැල් විහිදී යන බවත් එම ස්ථානයට ළඟා වීම ඉතා අසීරු වී ඇති බවත් පවසන ප්‍රදේශවාසීන් මේ වන විටත් ශාක විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව පවසයි.

 

මේ පිළිබඳව හල්දුම්මුල්ල පොලිසිය දැනුවත් කර ඇති අතර මෙම කැලෑව සමීපයෙහි ගම්මිරිස්, රබර් හා මැහෝගනී වගා කළ පෞද්ගලික ඉඩම්ද ඇති බවද ප්‍රදේශවාසීහු කීහ.

 

මීට දින කිහිපයකට පෙර ගිනි ගැනීම් දෙකක් බෝගන්දෙන මහ කැලෑවේ සහ පතහා මහ කැලෑවේ ඇති වූ බවද ආපදාකළමනාකරණ අංශය සඳහන් කළේය.

views

827 Views

Comments

arrow-up