ජනක රණවක සමගි ජන බලවේගයට එක්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

ජනක රණවක සමගි ජන බලවේගයට එක්වෙයි

ජනක රණවක සමගි ජන බලවේගයට එක්වෙයි

ජනක රණවක ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය ට එක්වීමට තීන්දු කර තිබෙනවා.

 

ඔහු එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති වන අතර පසුගිය මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණයට තරග කළ අයෙක්.

 

ඊයේ රාත්‍රියේදී විපක්ෂ නායක ජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය ට සහාය පළ කරන බව ප්‍රකාශ කළ බවට තොරතුරු වාර්තා වනවා.

 

කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළ ජනක රණවක මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස ද කටයුතු කර තිබෙනවා.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ජනක රණවක මහතා සුගිය මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මනාප 31,683ක් ලබාගත්තා

 

 

 

views

583 Views

Comments

arrow-up