හෙද නිළධාරියා සුළු සේවිකාවට අතවර කරන්න හදලා - හම්බන්තොට රෝහලේ කොවිඩ් ඒකකය උණුසුම් වෙයි

තම රෝහලේම සේවය කරන සුළු සේවිකාවකට අතවර කිරීමට උත්සාහ කළ හෙද නිලධාරියෙකු නිසා ඊයේ (19) සවස හම්බන්තොට මහ රෝහල සහ හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සේවය කරන සියලුම සෞඛ්‍ය සහාය කාර්ය මණ්ඩලය සේවා කටයුතුවලින් ඉවත් ව සිටියා.
මෙම සිද්ධිය සිදුවී තිබුණේ පසුගිය 16 වැනිදා දහවල් කාලයේදීයි. හම්බන්තොට Covid ප්‍රතිකාර ඒකකයේ සේවය කරමින් සිටි සුළු සේවිකාවකට එම ඒකකයේම සේවය කරමින් සිටි 45 හැවිරිදි හෙද නිලධාරියෙකු විසින් මෙසේ ලිංගික අතවර කිරීමට උත්සාහ දරා ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසුවද අදාල හෙද නිලධාරියා එම රෝහලේ සේවා කටයුතුවල අඛණ්ඩව නිරත වීම හේතුවෙන් ඇති වූ අනාරක්ෂිත බව නිසා ඔහු සේවයෙන් ඉවත් කරන තුරුම මෙම සේවකයන් හදිසි ප්‍රතිකාර කටයුතුවලින් හැර අනෙකුත් සියලු සේවා කටයුතුවලින් ඉවත් වී සිටියා.
කෙසේ නමුත් මේ පිළිබඳව පැමිණිල්ලක් තමා වෙත ලැබී තිබෙන බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුරංග ඔබේසේකර මහතා පැවසුවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයා මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
3371 Views
Comments