JAN
20
ගාල්ල වරායේ අළුත්වැඩියා කරමින් තිබූ යාත්‍රාවක් ගිලී යයි

ගාල්ල වරායේ ජැටියක නැංගුරම්ලා තිබූ යෝට් වර්ගයේ යාත්‍රාවක් ජලය කාන්දුවීමක් හේතුවෙන් ඊයේ (19) පෙරවරුවේ දියේ ගිලී තිබේ.
මෙය විදේශ රටකින් මුහුද මැද අතහැරදමා ගොස් තිබියදී ගාල්ල වරාය වෙත රැගෙන එන ලද්දකි.
එම යාත්‍රාව අධිකරණ නියෝගයක් මත සිදුකළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී සමාගමක් විසින් මිලදී ගෙන, අළුත්වැඩියා කරමින් තිබියදී මෙලෙස ගීලි තිබේ.
දියේ ගිලියන අවස්ථාවේ මෙම යාත්‍රාවේ ඉන්ධන යම් ප්‍රමාණයක් ද තිබී ඇති බවද වාර්තාවේ.
108 Views
Comments