OCT
27
අමාත්‍යංශ කීපයක විෂයන් මාරුකරයි

ආරක්‍ෂක සහ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍ය කීපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (26) රාත්‍රී නිකුත්කර තිබේ.
ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, තාක්‍ෂණ අමාතයංශය යටතට ද, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති ලංකා පොස්පේඩ් සමාගම සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව කර්මාන්ත අමාත්‍යංශයට ද, එම ගැසට් නිවේදනයෙන් මාරුකර තිබේ.
243 Views
Comments