SEP
25
ගන්නෝරුව සහල් පිටි සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු ඇරඹේ

රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව ගන්නෝරුව සහල් පිටි සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආරම්භ කර තිබේ.
සහල් පිටි වලට මුරුංගා කොළ, නිල් කටරොළු කොළ සහ කරපිංචා යොදා අගය එකතු කළ නිෂ්පාදන ද මෙහිදී සකස් කිරීමට නියමිතය.
ජාතික ආහාර ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ වෙළඳසැල් මඟින් හා හේලීස් සමාගමේ දායකත්වයෙන් මෙහි නිෂ්පාදනය කරන සහල් පිටි සැකසුම් අලෙවිය සහ බෙදාහැරීම සිදු කිරීමට නියමිතය.
251 Views
Comments