BUDGET 2021 : රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු අමතර රැකියාවකට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

BUDGET 2021 : රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු අමතර රැකියාවකට අවසර

BUDGET 2021 : රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු අමතර රැකියාවකට අවසර

මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර ලබා දීමටද මෙවර අය වැයෙන් යෝජනා වී තිබෙනවා.

 

රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපළ ණය සඳහා පොලී අනුපාතය 7% දක්වා අඩු කරන බවද මෙහිදී සඳහන් කළා.

 

රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.

 

රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමටද යෝජනා කරනවා.

 

විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමටද යෝජනා කර තිබෙනවා.

 

views

815 Views

Comments

arrow-up