කැළණියත් හුදකලා කරයි - කොළඹ,ගම්පහ හුදකලා ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශ නිදහස්

කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 12 එම තත්ත්වය තවදුරටත් පවතින අතර, ඊට අමතරව අලුතින් පොලිස් බලප්‍රදේශ කිහිපයක් සඳුදා අලුයම 5 සිට හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එම පොලිස් බලප්‍රදේශ වන්නේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදියයි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කරනු ලැබූ ප්‍රදේශ අතරින් තවදුරටත් එය බලපැවැත්වෙන්නේ ජා ඇල, මීගමුව, රාගම, කඩවත, වත්තල හා පෑලියගොඩ පොලිස් බලප්‍රදේශ වලටයි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බලප්‍රදේශය සඳුදා අලුයම 5 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
මීට අමතරව දිවයින පුරා සෙසු පොලිස් බලප්‍රදේශ වල පනවා තිබු හුදකලා තත්වයන් හෙට අලුයම 5 සිට ඉවත් කිරීමට නියමිතයි.
එමෙන්ම බස්නාහිර පළාතට මෙතෙක් බලපවත්වා ඇති සංචරණ සීමාවද හෙට මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වනු ඇත.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකල PCR පරීක්ෂණ වලදී තවත් කොවිඩ් 19 ආසාදිතයින් 175 දෙනෙකු වාර්තා වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.
830 Views
Comments