අයවැය දින ගණන සීමා කළහොත් ඊට විපක්ෂයේ විරෝධය

ලබන වසර සඳහා වන අයවැය විවාදයේ දින ගණන සීමා කළහොත්, ඊට විරෝධය පළ කරන බව විපක්ෂය ප්‍රකාශ කර සිටිනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව, පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවයි.
2021 විසර්ජන පනත් කෙටුම්පත මේ මස 17 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පවතින තත්ත්වය හමුවේ මෙම විවාදය දින 10 කටත් අඩු සංඛ්‍යාවකට සීමාවනු ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ අයවැය විවාදයේ දින ගණන සීමා කළහොත් ඊට විරෝධය පළ කර සිටින බවයි.
708 Views
Comments