බීමත් පුද්ගලයෙකු වයස අවුරුදු හතරහමාරක දරුවෙකු ඔසවා පොළොවේ ගසයි

දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ දී වයස අවුරුදු හතරහමාරක දරුවෙකු ඔසවා පොළොවේ ගැසූ බව කියන පුද්ගලයෙකු ලබන ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ බේකරි නිෂ්පාදන අලෙවි කරන ජංගම රථයක් අසල දී වන අතර අදාළ සැකකරු බනිස් මිලදී ගැනීමට මුදල් කොහේ දැයි විමසා දරුවාගේ කමිසයෙන් අල්ලා ඔසවා එකවරම පොළොවේ ගසා ඇති බව පොලීසිය පවසයි.
පසුව දරුවාගේ දෙමාපියන් විසින් දරුවාව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔහු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
අදාල සැකකරු එම අවස්ථාවේ දී බීමතින් සිට ඇති බව වාර්තා වන අතර ඔහුව ලබන ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
232 Views
Comments