DEC
23
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ලබන 26 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හේතුවෙන් එදිනට විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කළ පිරිස් සඳහා ඒ වෙනුවට වෙනත් දින ලබාදී තිබේ.
ඒ අනුව 26 වනදා උදෑසන 8ත් 10ත් අතර වේලාවන් ලබාදී තිබු පිරිස සඳහා 27 වනදා ද, උදෑසන 10ත් 12ත් අතර වේලාවන් ලබාදී තිබූ පිරිස සඳහා 28 වනදා ද වෙන් කර තිබේ.
එසේ ම දහවල් 12ත් පස්වරු 2ත් අතර වේලාවන් ලබාදී තිබූ පිරිසට 29 වනදා ද, පස්වරු 2න් පසුව වේලාවන් වෙන්කරදී තිබූ පිරිසට 30 වනදා ද ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
272 Views
Comments