අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

අද කාලගුණය

අද කාලගුණය

දිවයිනේ උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද දින සිට අපේක්ෂා කරයි.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

මුලතිව් සිට ත්‍රිකුණාමලය, මඩකළපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හමා එනඅතර සුළගේ වේගය පැ.කි.මී. (30-40)පමණ වේ.

 

මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම,පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා වැඩි විය හැක.

 

මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා සහ කන්කසන්තුරය, සිට මන්නාරම, පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තදසුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

208 Views

Comments

arrow-up