අධිවේගී මාර්ගයෙන් යකඩ බට සොරා ගත් අයට වැඩ වරදී

පෑලියගොඩ අධිවේගී මාර්ගයට අයත් නව කැළණි පාලම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා ගෙනවිත් තිබුණු යකඩ බට තොගයක් සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 31, 35, 50, 66 හි පසුවන හික්කඩුව, වැලිගම, දෙනියාය හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් විසින් සොරාගෙන ඇති යකඩ බට වල වටිනාකම 1,615,000ක් වන බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අලුත් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
897 Views
Comments