දුරකථනයක් නිසා සැමියා දෙදරු මවක්වූ සිය බිරිඳව මරා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

දුරකථනයක් නිසා සැමියා දෙදරු මවක්වූ සිය බිරිඳව මරා දමයි

දුරකථනයක් නිසා සැමියා දෙදරු මවක්වූ සිය බිරිඳව මරා දමයි

දුරකථනයක් පිළිබදව ඇති වූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් යකඩ බටයකින් පහර දී බිරිඳ ඝාතනය කළ පුවතක් කොස්වත්ත, කහට විල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

පෙරේදා රාත්‍රී 8.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු මවක්.

 

සිද්ධිය සම්බන්ධ සැකකාර ස්වාමි පුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාව විදෙස් රැකියාවක් සඳහා ගොස් මීට මාස දෙකකට පමණ පෙර මෙරටට පැමිණි ඇති අතර පැමිණි දින සිට දුරකථනයෙන් කිසියම් අයෙකු සමඟ කතා බහ කරන බවක් සැමියාට හැඟී ගොස් තිබෙනවා.

 

ඒ පිළිබඳව දෙදෙනා අතර අවස්ථා කිහිපයක දී ආරවුල් හටගෙන ඇති අතර, පෙරේදා රාත්‍රියේ ඇති වූ ආරවුල දුරදිග ගොස් සැමියා විසින් බිරිඳට යකඩ බටයකින් පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ

 

පහර කෑමෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

views

285 Views

Comments

arrow-up