අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර නුවරඑළිය තලගලඔයෙන් හමුවේ

නිවසින් අතුරුදහන්ව සිටි තරුණයකුගේ සිරුර නුවරඑළිය ග්‍රේගරි වැවට ජලය ගලා බස්නා තලගලඔයේ තිබී හමුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය බඹරකැලේ වතුයායේ පදිංචි ව සිටි සුන්දරලිංගම් ශෂිදරන් නැමැති 22 හැවිරිදි තරුණයෙකි.
තරුණයා අතුරුදන් වී ඇති බව ඔහුගේ ඥාතීන් විසින් නුවරඑළිය පොලිසියට පසුගිය 09 වනදා පැමිණිලි කර ඇත.
අද (15) උදෑසන නුවරඑළිය තුරග තරඟ පිටිය හරහා ග්‍රේගරි වැවට ජලය ගලාබසින තලගල ඔය ඇති නිවාඩු නිකේතනයක සේවකයෙකු සිරුර දැක ඇති අතර ඔහු විසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.
තරුණයාගේ ඥාතීන් විසින් මළ සිරුර තරුණයාගේ බවට හඳුනාගෙන ඇත.
කෙසේ නමුත් මියගිය තරුණයා නුවරඑළිය බඹරකැලේ ප්‍රදේශයේ පිහිටි ළමා ගම්මානය අසල මාර්ගයේ බීමතින් නිවෙසට ගමන් කරන ආකාරය ළමා ගම්මානයේ තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථාන පරීක්ෂාවක් සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලිසිය විසින් සිදු කරයි.
299 Views
Comments