පොලිස් නිලධාරියෙකු සපා කෑ කතක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

පොලිස් නිලධාරියෙකු සපා කෑ කතක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකු සපා කෑ කතක් අත්අඩංගුවට

මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුට පහරදී ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා මෙම පොලිස් නිලධාරියා පේරාදෙණිය ප්‍රදේශයේ රාත්‍රී කාලයේ දී රාජකාරියේ නිරත වෙමින් සිටින අවස්ථාවේදී අදාළ කාන්තාව ඇතුළු පිරිස බීමතින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ කාන්තාව ඇතුලු පිරිස පොලිස් නිලධාරියාට පහර දී මෙම සපාකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

views

220 Views

Comments

arrow-up