හැටන් නුවරඑළිය ඒ7 මාර්ගයේ කොටසක් ගිලාබසී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

හැටන් නුවරඑළිය ඒ7 මාර්ගයේ කොටසක් ගිලාබසී

හැටන් නුවරඑළිය ඒ7 මාර්ගයේ කොටසක් ගිලාබසී

පවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන්-නුවරඑළිය ඒ7 ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක කොටසක් ගිලා බැස තිබෙනවා.

හැටන්-නුවරඑළිය කිරිමැටිය මාර්ගයේ එඩිම්බරෝ වත්ත අසල 109 සැතපුම් කණුව අසල මෙලෙස මාර්ගය ගිලා බැස ඇති අතර ඒ ආසන්නයේ තවත් කොටසක් ගිලාබැසීමේ අවදානමක් පවතින බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර සිටියේ.

මේ හේතුවෙන් මාර්ගයේ ගිලා බැස ඇති ස්ථානයේ රථ වාහන ගමනාගමනයට එම් මංතීරුවක් පමණක් විවෘත කර තිබෙනවා.

 

views

231 Views

Comments

arrow-up