ඖෂධ මිලදී ගන්න ඩොලර් මිලියන 21.7ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
23

ඖෂධ මිලදී ගන්න ඩොලර් මිලියන 21.7ක්

ඖෂධ මිලදී ගන්න ඩොලර් මිලියන 21.7ක්

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලබාදීමටය තීරණය කර තිබේ.

 

මුදල් අමාත්‍ය අලි සබ්රි පැවසුවේ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුලු උපකරණ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 21.7ක් ලබාදී ඇති බවයි.

 

“අපි ලෝක බැංකුවත් සමග සාකච්ඡා කරා. ඊයේ දවස වෙනකොට ඔවුන් අපිට පොරොන්දු වුණා අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක් සති 4ක් වගේ ඇතුළත ලබාදෙන්න. ඒ පීඩිත පන්තියේ ජනතාවට සහාන ලබාදීම සඳහා.”


“අමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාව අපිට සහනයක් දෙන්න කටයුතු කරලා තියෙනවා.”


“ඒ වගේම ඉන්දියාවෙන් දැනට ලබාදීලා තිබෙන ඩොලර් බිලියනය ඉවර වුණාම තවත් ඩොලර් බිලියනයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා දෙන්නත් ඉන්දියාව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒකත් සාර්ථක තත්ත්වයක තියෙන්නේ.”


“ඉන්දියාව නිල වශයෙන් අපිට පොරොන්දු වුණා මාස 2න් 2ට උදව් කරන්නත්.”

views

729 Views

Comments

arrow-up