රථවාහන සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතයට අවධානය - වසර 10ට වඩා පැරණි වාහන ගැනත් ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
13

රථවාහන සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතයට අවධානය - වසර 10ට වඩා පැරණි වාහන ගැනත් ප්‍රකාශයක්

රථවාහන සඳහා පුනර්ජනනීය බලශක්ති භාවිතයට අවධානය - වසර 10ට වඩා පැරණි වාහන ගැනත් ප්‍රකාශයක්

මෙරට විද්‍යුත් වාහන භාවිතයක් ප්‍රවර්ධනය කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

ඒ හරහා මෙරට ධාවනය වන රථ වාහන සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු කර ඇත.

 

මීට අමතරව මෙරට ධාවනය වන වාහන අතරින් සැලකිය යුතු ප්‍රතිශතයක් වසර 10කට වඩා පැරණි වාහන බවත් ඒවා නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් විෂ වායු පරිසරයට විමෝචනය කරන බවත් මෙම යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.

 

පසුගිය වසර වන විට මෙරට තුළ රථවාහන මිලියන අටකට අධික සංඛ්‍යාවක් ලියා පදිංචි කර ඇති බවත් මෙහි සදහන්.

 

මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ වායු දූෂණයෙන් 60%කටම හේතුව වන්නේ රථවාහන වලින් නිකුත්වන දුමාරය බවයි.

views

772 Views

Comments

arrow-up